දේශීය පුවත්

මධුෂ්ගේ බිරිඳ එයි – ඒ තම සැමියා බවට හඳුනා ගනී (PHOTOS)

අද (20දා) අලුයම මාළිගාවත්තේදී වෙඩි වැදී මිය ගිය සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ්ගේ මෘත ශරීරය පිළිබඳව මේ වන විට මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරන බවත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිරුර ඥාතින්ට භාර දෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

කොළඹ අංක 4 මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ මාකඳුරේ මඳුෂ්ගේ සිරුර බිරිඳ විසින් හඳුනාගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙම මෙහෙයුමේදී තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනා තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් මාලිගාවත් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.

මාකඳුරේ මධූෂ් මැරුණ විදිහ සියලු ඡායාරූප සහ වීඩියෝ දර්ශන (Photo / Video)

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button