දේශීය පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහය දැක්වූ තවත් නාකොටික් නිළධාරියෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහය දැක්වූ බවට මේ වන විට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශයේ රාජකාරි සිදු කළ තවත් නිලධාරීයෙක් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස ඊයේ (07) රාත්‍රියේ රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් බවයි වාර්තා වන්නේ.

AV Rase

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ආධාර අනුබල දී කෝටි ගණනක මුදලක් උපයා ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශයේ නිළධාරින් පිරිසකට එරෙහිව මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් විශේෂ විමර්ශණයක් පැවැත්වෙනවා.

එම විමර්ශණයට අදාලව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි පොලිස් පරික්ෂකවරයාද ඊයේ (07) දින පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේයි පසුවන්නේ.

මෙම විමර්ශණය යටතේ මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශයට අනුයුක්ත නිලධාරින් සංඛ්‍යාව 18ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button