ගොසිප් පුවත්
“මට සුවය ප්‍රර්ථනා කළ සැමට ස්තූතියි, මා දැන් සුවෙන්..” – ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක

පසුගිය කාලයේ අසනීප තත්ත්වයේ සිටි ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක, තමන් මේවනවිට සුවෙන් පසුවන බව සඳහන් කර සිටිනවා.

සිය ෆේස්බුක් ගිණුමෙහි පෝස්ටුවක් පලකරමින් ඔහු මේ බව සටහන් කර තිබෙනවා.
එම සටහන පහතින්…
” මා අසනීප වූ දින සිට නන් අයුරින් සෙත්පතා මාහට චිර ජීවනය ප්‍රාර්ථනා කළ දුටු නොදුටු ප්‍රිය රසික රසිකාවියනි,
ගී පොද මල් වරුසාවකින් ඔබ හද තෙත් කරන්නට නුදුරේම ඔබ හමුවට එනු රිසියෙමි. සියළු ජීවත අවදානමට ලක් ව ඇති මෙවන් යුගයක ඔබ මෙන්ම සුවසෙත ගැන සිතමින් නිදුක් නිරෝගීව ආරක්ෂා වී සිටීමට, යෝධ බල යෝධ ශක්තිය ලැබේවා…..” යනුවෙනි.