දේශපාලන පුවත්

මට ආණ්ඩුවෙන් කතා කලා. මං බෑ කිවුවා. – හකීම්

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදෙන්නැයි ආණ්ඩු පක්ෂයෙන් තමනට ආරාධනා ලැබුණු බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

එම සංශෝධනයට තම ප්‍රතිපත්තිමය කාරණා මත සහාය ලබාදිය නොහැකි බව ආණ්ඩුවේ නියෝජිතයන්ට දැන්වූ බවද ඔහු කියා සිටියේය.

කෙසේ වුවද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනා ගැන තමන්ට වගකීමක් ගැනීමට නොහැකි බවද ඔහු සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button