දේශීය පුවත්

මඟී ජීවිත අනතුරේ දමමින් බස් රථය ධාවනය කළ රියදුරාට සහ කොන්දොස්තරට වැඩ වරදී

The driver and conductor who drove the bus endanger the lives of the passengers

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගයයේ වසා තිබූ දුම්රිය ගේට්ටුව හරහා ධාවනය කළ බස් රථයේ රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු පයාගල පොලීසිය විසින් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර අද (30) පොලිස් ස්ථානය වෙත කැඳවීමෙන් පසු අත්අඩංගුවට ගෙන බවයි වාර්තා වන්නේ.

එලෙස අත්අඩංගුවට ගත් රියදුරු සහ කොන්දොස්තරවරයා හෙට (01) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

පසුගිය 28 වනදා දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය වසා තිබූ අවස්ථාවේදී කාර්යාලීය සේවකයන් ප්‍රවාහන කරමින් තිබු බස් රථයක් අපරික්ෂාකාරීව ඒ හරහා ධාවනය කිරීමේ පුවතක් සමාජ මාධ්‍ය ජාලා හරහා වාර්තා වුණා.

එම බස් රථය ධාවනය කිරීමෙන් අනතුරුව තවත් යතුරු පැදි කිහිපයක්ද බස් රථය අනුගමනය කරන බවක් අදාළ වීඩියෝවේ දක්නට ලැබුණා.

Leave a Reply

Your email address will not be published.

Back to top button