මංතීරු නීතිය කැඩුවොත් සඳුදා සිට දඩය 2000යි

කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීම සඳහා පොලිසිය විසින් හඳුන්වා දී ඇති නව මංතීරු නීතිය සම්බන්ධයෙන් ලබන සදුදා (21) දින සිට තදින්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය හා තොරතුරු තාක්ෂණ බාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා අද (16) පැවසීය.
මෙම නීතිය සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කිරීමේ පර්යේෂණත්මක අවදිය මේ දිනවල ක්‍රියාත්මක වන බවත් ඉදිරි දින දෙක තුළත් එම පෙරහුරු එලෙසින්ම ක්‍රියාත්මක බවද ලාල් සෙනවිරත්න මහතා කියා සිටියේය.

ලබන සදුදා සිට කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක වන බවත් රියදුරන් මෙම නීතිය සඳහා අනුගත විය යුතු බවත් හෙතෙම කියා සිටියේය.
මෙම නීතිය කඩකරන රියදුරන්ට රුපියල් 2000 ක දඩයක් හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සඳහා නියමිත දඩුවම් නියම වන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය අවම කර ගමන් පහසුව උපරිම ලෙස සලසා ගැනීමට පොලිසියට සහයක් දක්වන ලෙසට මහජනයාගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම කීය.
ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් මාර්ගයට යොදවා පොලිසිය සිදුකරන උත්සහය මහජනයාගේ හිතසුව පිණිස සිදුකරන බවත් ලකුණු කර ඇති ස්ථාන වල දී බස් රථ මංතීරුව බස් රථ සඳහාත්, ලකුණු කර නොමැති ස්ථාන වලදී වම් තීරුව බස් රථ සඳහා භාවිතා කරන ලෙසට රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.
යතුරු පැදි හා ත්‍රීරෝද රථ සඳහා පාරේ වම්පස තීරුව පමණක් භාවිතා කරන ලෙසට ද රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.
ඇතැම් මාර්ගවල වම් පස මංතීරු දෙකක් ඇති බවත් ඇතැම් මාර්ගවල වම්පස මංතීරු තුනක් ඇති බවත් මෙම සියලු මංතීරුවල වම්පස මංතීරුව භාවිතා කරන ලෙසට රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
මුල් දිනවල මෙම පෙරහුව වෙනුවෙන් යම් වාහන තදබදයක් හටගෙන කිබුණ ද රියදුරන් මේ වෙනස් වීම හුරු වු පසු නගරයේ තදබදය අවම කර ගැනීමට හැකි වනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට රථවාහන හා මාර්ග ආරක්ෂාව බාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් නිශ්ශංක සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා ද සහභාගිවිය.