මංජු තේනුවර පැවිදි පිංකම – Video

පැවිදි දිවියට පිවිසීමට පෙර ඔහුගේ ගිණුමේ තැබූ අවසන් සටහන
“තෙරුවන්සරණයි
ගිහි ජිවිතයේ මේ ගෙවෙන්නේ අවසන් හෝරා කිහිපයයි.මම හෙට දිනයේ දි සසුන්ගත විම සිදුවනවා.හරිම ආසාවෙන් හා සතුටෙන් ගෙවන පැය කිහිපයක් මේ.මා සතුව දැන් ඇත්තේ මගේ ශරිරය පමණි.එයත් අනිත්‍යයි.සියල්ල අනිත්‍යයි .සියල්ල අතහැරීම තුල ඇත්තේ සතුටකි.ඒ සතුට දැන් මා බුක්ති විදිමිනුයි සිටින්නේ.හෙට සිට ජිවිතයේ අවසන් හුස්ම දක්වා මා සතුව ඇත්තේ මාගේ කසාවත පමණි.එය මහත් සතුටක් වේ.මුදල් යාන වාහන නිවාස හා රැකියාව මෙන්ම ජනප්‍රියත්වය ද සුලු වේලාවකින් නැතිවෙන බව මා හොදින් දන්නා කරුණකි.එය දැන් සිටම වැලද ගැනිම මා සතු වූ පෙර පිනක් යැයි මට සිතේ.මා අතින් දැන හෝ නොදැන වරදක් වුවානම් සමාවෙන්න.හැම දෙයක්ම කර්මය අනුව සිදුවන බව මා දැන ගත් දා සිට ඇතිවුයේ ජිවිතයේ අනිත්‍යය මෙනෙහි කිරිමයි.මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු ආයතනයේදි හෙට සිට අලුත් ජිවිතයක් ආරම්භ කිරිමට මම සුදානම්.
මෙතෙක් ලක් මට ලබාදුන් සහයෝගයට මාගේ ස්තුතිය.”
