ගොසිප් පුවත්

බොලිවුඩය කළඹමින් සුශාන්ත්ගේ මරණය සිදුවූ හැටි එළියට එයි – චෝදනා එල්ල කළ කන්ගනාට රසිකයින්ගෙන් දැඩි විරෝධය

‘කන්ගනා රනාවුට්’ ගැන කියන්නට තිබෙන රස කතා ඕනෑ තරම්ය. සරලව කියනවා නම් කන්ගනා හැමදාමත් කුමක් හෝ පුවතක් මවන්නට උපන් හපන්කම් පිහිටා ඇති උතුරු ඉන්දීය සිනමා තාරකාවකි.
 
එලෙසම කන්ගනා හැමදාමත් සුපිරි තරු පෝලිමෙහි අංක 1 පිරිවර සමඟ ගැටෙන්නියකි.


කිසිදු විටෙක කන්ගනා ඒ පෙළ අතරින් ඉවතට විසිවී නොයන හේතුව ලෙස විචාරකයන් දක්වන ප්රධානතම කාරණය වන්නේ චාරයක් ඇති ස්ත්රී රත්නයකට නොගැළපෙන ඇගේ වාචාල කටය.
 
කන්ගනා කොහොමත් තමා වෙනස් එකියක බවත්, සාමාන්යයෙන් වූ දහසක් දෙනා අතර තමා ඉතා අසාමාන්ය අයකු බවත් ඉස්මතු කර දැක්වීමට උත්සාහ කරන්නීය.
 
නිදසුනක් ලෙස ඈ වෙනත් සුපිරි තාරකාවියන් සේ කඩවසම් නළුවකු සමඟ වීදි සංචාරයෙහි යෙදුණු සෙල්ෆි ‘ෆේස් ඇප්’ හරහා මුදාහරින්නට කැමැති නැත.
 
පාට පාට සළුපිළි දවටා වර්ණවත් සේයාරූ එකතුවක් නිකුත් කරන්නේ නැත.
 
ප්රිය තෙපුල් දොඩමින් තරුණ පිරිමි රසිකයන්ගේ සිත් සතන් උද්දාමයට පත්කර වන්නට උත්සාහ ගන්නේද නැත.
 
කන්ගනාගේ ජනප්රිය වීමේ කලාව අමුතුම පැෂන් එකකි. ඒ පැෂන් එක තුළ වඩාත්ම ගම්ය වන්නේ ‘පුලාන් දේවිගේ’ නාහෙට නාහන තියරියය. තමා ‘පුලාන් දේවිය’ වාගේ යැයි කියා ගන්නට වාගෙම අයුක්තිය වෙනුවෙන් අවිය අතට ගන්නා ලෙස පෙන්වීමටද කන්ගනා දැඩි ආයාසයක් දරන්නීය.
 
තමා විසින් ආරූඪ කරගත් ඇගේ ඒ ‘පුලාන් දේවී’ ගැම්මට ප්රිය කරන රසිකයන්ද අසීමාන්තිකය. ඉන්ස්ටග්රෑම් සහ ට්විටර්හි ඇය පිරිවරා සිටින අනුගාමිකයන් මහා පිරිසක් වන්නේද එනිසාය.
 
නමුත්, මාධ්ය පැපරාසින් සමහරක් කන්ගනා රනාවුට්ගේ මේ හැසිරීම ‘මෝඩ චූන්’ එකක් ලෙසට ගෙන ඇයට මඩ ප්රහාර එල්ල කරති.
 
ඔවුන්ගේ අදහසට අනුව නම් කන්ගනා ‘පුලාන් දේවිය’ගේ පයෙහි දමන ලාබ ඉන්දියානු සෙරෙප්පුවක් තරම්වත් වටින්නේ නැත.
 
තවත් විටෙක ඔවුන් කියන්නේ කන්ගනා රනාවුට් යනු බොහෝ විට කුණු බාල්දි අවුස්සා ආතල් ගන්නියකි. මෑත දවසක මාපිය තරු ක්රමයට බොරුවට බුරන්නට ගත් කන්ගනාට පැපරාසින් කීයේ,
 
ඕනෑ දේටත් එපා දේටත් ඔළුව ඔබන කන්ගනා කට නිසා ඔබ ඇනගන්නා දවස වැඩි ඈතක නොවේ යැයි කියාය.
 
මෝල් ගහෙන් කිරි ගහට ඇන්නා සේ කන්ගනා වෙනුවෙන් ඔවුන් කී අසුබ අනාවැකිය හරියටම හරි ගියේය. කිසිවකුගේ ආරාධනයක් නැතිව සුෂාන්ත් සිං රාජ්පුට්ගේ සැක සහිත මරණය වෙනුවෙන් පැනලා දෙන්නට ගිය කන්ගනා වැඩ වරද්දාගෙන හමාරය.
 
සුෂාන්ත්ගේ හදිසි මරණය මිනීමැරුමක් යැයි කියන්නට කන්ගනා මාධ්ය හමුවීම් සඳහා සහභාගි වූයේ බලෙන්ම වාගේය.
 
සුෂාන්ත්ගේ මරණය හමුවේ සැක සහිතව හෝ රහිතව අත්අඩංගුවට ගත් සෑම සුපිරි තරුවක වෙනුවෙන්ම කන්ගනා තම කමෙන්ට් එක පාවිච්චි කළේ හරහටය. සුෂාන්ත් ප්රිය කළ රසිකයන් කන්ගනාට දුන් උඩගෙඩි මත කන්ගනා කොයි තරම් නම් ආතල් ගත්තාදැයි කියනවා නම්,
 
‘සුෂාන්ත් සිංගේ මරණය මිනීමැරුමක් නොවුණහොත් ඉන්දීය රජයෙන් මා ලද ‘පද්ම ශ්රී’ සම්මානය නැවැත රජයට බාර දෙනවා’ යනුවෙන් වහසි බසක්ද දෙඩුවාය.
 
පිරිසක් අතර පමණක් නොව ප්රසිද්ධියේ මාධ්ය හමුවේද කන්ගනා මේ කයිවාරුව දෙඩූයේ මහා පම්පෝරියකිනි. එතැනදී කන්ගනාට ලැබුණු ඇංකෝර් එකත්, ඇගේ ඉන්ස්ටග්රෑම් සහ ට්විටර් අනුගාමිකයන්ගෙන් ඈ ලද උණුසුම් ප්රතිචාරත් අප්රමාණ විය.
 
නිරතුරු කන්ගනා ඒ අමුතු පන්නයේ ඩීල් එක අලුත් කරවමින් නොයෙකුත් වහසි බස් ප්රචාරය කළේ පුදුමාකාර ජොලියකිනි. තමාටවත් සිතා ගන්නට බැරි උද්දාමයකින් පසුවූ කන්ගනා පසුපස හුන් අනුගාමිකයන් පිරිසද කෙමෙන් වැඩිවිය.
 
ඊළඟ මොහොත අවිනිශ්චිත යැයි යන කියමන සනාථ කරමින් පසුගිය දිනෙක සුෂාන්ත්ගේ මරණ තීන්දුව සහිත නඩුව නොසිතූ ලෙස කණපිට ගැසුවේය.
 
සුෂාන්ත් සිං රාජ්පුට්ගේ මරණය ස්වාභාවික දිවි නසා ගැනීමක් බවට ඔප්පු වීමෙන් පසුව රියා චක්රබෝර්තිටද ඇප ලැබී තිබිණි.
 
ඈත අහසේ කළු සුදු නොවූ පාට පාට පසුබිමක පාවෙමින් හුන් කන්ගනා දඩස්ගා පොළොව මතට ඇදවැටිණි.
‘මොකද වුණේ’
 
සිය ආත්මයෙන්ම පැමිණි හඬත් කන්ගනාගෙන් අසන විට දෙලෝ රත්වූ මේ සුපිරි තරුව අඳුරෙහි අතපතගාමින් ඊළඟට ගතයුතු පියවර කුමක්දැයි යන්න සොයන්නට විය.
 
පියවි සිහියට පැමිණි සැණින් තම සෙල්ෆෝනය ඕෆ් කළ ඈ සමාජයට උත්තර බඳින්නට තිබෙන සෑම අවස්ථාවක්ම වසා දමා සැඟවෙන්නට තැනක් සෙව්වාය.
 
අන්තර්ජාලය හරහා විශ්වය සමඟ කරන ගනුදෙනු ලෙහෙසි පහසු නැත. මල් පොකුරු පුදමින් කන්ගනා රනාවුට්ව මුරුංගා අත්තක තැබූ ඇය හුරේ දැමූ දහසකුත් එකක් රසිකයන්,
‘කන්ගනා පද්ම ශ්රී සම්මානය බාර දෙන්න’
‘කන්ගනා ඔයා කොහෙද? සම්මානය බාරදීමට වඩා ලැජ්ජාව ඔබ අහුමුළුවල සැඟවීමය.’
‘හායි පුලාන් ඔබේ රෙදි ගැලවී යෑමට පළමුව පද්ම ශ්රී සම්මානය බාර දෙන්න’
‘පුලාන් දේවී යනු ප්රතිපත්තිගරුක කෙනෙකි. ඔබ ඇගේ අනුගාමිකයකු නම් ඔට්ටුව සම්පූර්ණ කරන්න.’
යනුවෙන් කන්ගනා හමුවේ මුදාහරින සටහන් ඉලක්කමකින් ගණනය කරන්නට බැරි තරම්ය.
එහෙත්,
 
කන්ගනා ඒ සුවහසක් මුදාහැරීම් සඳහා තවමත් උත්තර බැඳ නැත. කන්ගනා සුෂාන්ත් වෙනුවෙන් දැක්වූ අනුබලතාවයකට පක්ෂපාතීත්වය දැක්වූ ප්රේක්ෂකයන් මෙම කදිම ඔට්ටුව මත කන්ගනා ගෙනගිය මිත්රශීලී සහ ප්රතිපත්තිමය සටනට උරදුන්නේ ඉතාම ළෙන්ගතුවය.
 
ඒ නිසා කන්ගනාට මෙයින් ගැලවීම පහසු නැත.
 
එයට සරලම හේතුව වන්නේ කන්ගනා නොබියව තැබූ ඔට්ටුව ඉතා සංකීර්ණ එකක් නිසාය. කට වාචාල නොහික්මුණු ගැහැනියක වුවද මොකක් හෝ බාල්දියක් පෙරළා ආතල් එකක් ගත්තද ආට් එකට අනුව බැලූ විට කන්ගනා අතිදක්ෂ චරිතාංග නිළියකි.
 
පද්ම ශ්රී සම්මානය රජයෙන් කන්ගනාට ලැබුණේ ‘Fation’ චිත්රපටය වෙනුවෙන් කළ මනමෝහනීය රංගනය වෙනුවෙන්ය.
 
‘මේ මාගේ වාසනාවකි. මා දුටු සිහිනයකි. මගේ රට මෙය මට ලබාදීම ගැන කන්ගනා රනාවුට් ලෙස මම නිහතමානී අහිංසක ආඩම්බරයක් අත්විඳිමි.’
 
විමුක්තිය කරා ජයග්රාහී ගමනක යෙදෙන ඒ පිළිබඳව සිහින දකින සෑම ඉන්දීය කාන්තාවක වෙනුවෙන්ම මෙම අනගි සම්මානය පුද දෙමි. ‘පද්ම ශ්රී’ සම්මානය දෝතින් තුරුළු කරගත් කන්ගනා එදා ඕඩියන්ස් එක හමුවේ ඉතා හැඟීම්බරව තම අදහස් ප්රකාශ කළේ එහෙමය.
 
එතරම් භක්තියෙන් අතට ගත් සම්මානය තමාට අදාළ නැති සංසිද්ධියක් වෙනුවෙන් ඔට්ටුවට තැබීමට තරම් කන්ගනා දුර්වල වූයේ කෙසේද?
 
උත්තරය සරලය. ඉහතක කීවා සේම කන්ගනාගේ මුඛරිකම සහ ඕනෑ දේටයි, එපා දේටයි අත දැමීමේ නරක කලාව එයට හේතු විය. මේ අලකලංචියෙහි අවසානය කුමක් වේද?එය නොදමිනි. දන්නේ එකකි.
 
ඒ,
‘පද්ම ශ්රී’ සම්මානය නැවැත රජයට බාර නොදී සමාජය හමුවට ඒමට නම් කන්ගනා රනාවුට් තම රෙදි උනා දැමිය යුතුය.
 
දමයන්ති රේණුකා ප්රනාන්දු

 

AV Rase
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම “මව්රට” පුවත්පතේ “හාර්ට්” අතිරේකයෙන්

8 Comments

  1. I do believe all of the concepts you’ve presented in your post.

    They are very convincing and can definitely work. Nonetheless, the posts are very quick for beginners.
    May you please prolong them a little from next time? Thank you for the post.

  2. Hi, i think that i noticed you visited my blog so i got here to
    return the desire?.I am attempting to find things to
    improve my web site!I guess its good enough to make use of
    some of your concepts!!

  3. Greetings! This is my 1st comment here so I just wanted to give a quick shout out
    and say I truly enjoy reading through your posts. Can you recommend
    any other blogs/websites/forums that cover the same
    subjects? Many thanks!

  4. Its like you read my mind! You seem to know a lot about this,
    like you wrote the book in it or something. I think that you can do
    with a few pics to drive the message home a bit, but instead of that, this is fantastic blog.
    An excellent read. I’ll definitely be back.

  5. Superb website you have here but I was curious about if you knew of any user discussion forums that cover the same topics discussed in this
    article? I’d really love to be a part of group where I
    can get opinions from other knowledgeable individuals that share the same interest.
    If you have any recommendations, please let me know.
    Appreciate it!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button