දේශීය පුවත්
බූස්ස ආහාර වර්ජනයක නිරතවූ රැඳවියන් 45 ම එම ක්‍රියාමාර්ගයෙන් ඉවත්වෙයි

බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනයක නිරතවූ රැඳවියන් 45 දෙනාම එම ක්‍රියාමාර්ගයෙන් ඉවත්වී තිබෙනවා.
නිව්ස් රේඩියෝ කල විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුශාර උපුල්දෙණිය මහතා කියාසිටියේ අද පෙරවරුවේ ඔවුන් සියලු දෙනා ආහාර ලබාගෙන ඇති බවයි.
රැඳවියන් බැලීමට පැමිණෙන ඥාතීන් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය ලිහිල් කිරිම / නැවතත් දුරකථන පහසුකම් ලබාදීම වැනි ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් බූස්ස බන්ධනාගාරයේ සිටින මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුලු රැඳවියන් 45 දෙනෙකු මෙම ආහාර වර්ජනය ආරම්භ කලේ මීට දින 05 කට ඉහතදීයි.
කංජිපානි ඉම්රාන් / වෙලේ සුදා / දෙමටගොඩ චමින්ද / කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී නමින් හඳුන්වන ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයන්ද මෙම වර්ජනයට එක්ව සිටියා.