දේශීය පුවත්

බූස්ස අධිආරක්‍ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි පොඩි ලැසී කිලෝ 5ක රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිත කරලා

ජනපති, ආරක්ෂක ලේකම් සහ බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන්ට තර්ජනය කළේයැයි චෝදනා ලබා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු ලෙස සැළකෙන පොඩි ලැසී නැමැත්තාව ඇප මත මුදා හැරීමට අද (16) අධිකරණය නියෝගකර තිබේ.

ඒ, ඊට අදාළ නඩුව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීය.

බූස්ස බන්ධනාගාරයේ දී ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තු වේ උසස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ තර්ජන එල්ලකිරීම සම්බන්ධයෙන් වන නඩුවේ සැකකරුවෙකු ලෙස ජනිත් මධුසංඛ හෙවත් “පොඩි ලැසී” මීට පෙර නම් කර තිබුණි.

මේ අතර අධිආරක්ෂිත බන්ධනාගාරයක් වන බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදීත් පොඩි ලැසී නැමැත්තා කිලෝග්‍රෑම් 5ක බරකින් යුත් රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතකර ඇති බවට විවෘත අධිකරණයේදී සඳහන් වී තිබේ.

එහිදී වැඩිදුරටත් අවධානය යොමු කර ඇත්තේ අධිආරක්ෂිත බන්ධනාගාරයක් වෙත එම ද්‍රව්‍ය රැගෙන ගියේ කෙසේද යන්න කෙරෙහි ය.

ඇප නියම වුවත් පොඩි ලැසී නැමැත්තා තවදුරටත් රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාරයට ගෙන තිබේ.

ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පැනවූ බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button