දේශීය පුවත්

බූවැලිකඩ සිද්ධියේ සැබෑ වරදකරුවන් සොයාගැනීම අසීරු වෙන ලකුණු

Signs that it will be difficult to find the real culprits in the Bowelikada incident

මහනුවර බූවැලිකඩ 5 මහල් ගොඩනැගිල්ල කඩාවැටීමේ සිද්ධියේ සැබෑ වරදකරුවන් කවුරුන්දැයි සොයාගැනීම ඉතා අසීරු කටයුත්තක් බවට පත්ව ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පවසනවා.

කෙසේ වෙතත් ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව ලබන සඳුඳා වනවිට අනාවරණ කරන බවයි මහනුවරදී අද මාධ්‍යයට අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා කියා සිටියේ.

මෙම සිද්ධියට අදාල රසායනාගාර පරික්ෂණ සඳහා මේවනවිට සියලුම සාම්පල ලබාගෙන අවසන් බවද ඔහු කියා සිටියා.

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේදී පස් මහල් ගොඩනැගිල්ලක් තවත් නිවසක් මතට කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් අඹුසැමි යුවලක් සහ මාස එකහමාරක් වයසැති සිගිතියකට දිවි අහිමි වුනේ පසුගිය ඉරිදා අලුයමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button