දේශීය පුවත්

බුස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනය කළ රැඳවියන් අතුරින් 17 දෙනෙක් ආහාර ගැනීමට තීරණය කරයි

බූස්ස බන්ධනාගරයේ ආහාර වර්ජනයේ නිරතව සිටි රැඳවියන් අතරින් 17 දෙනෙකු යළි ආහාර ගනිමින් සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.

තවත් රැඳවියන් 28 දෙනෙකු තවදුරටත් ආහාර වර්ජනයේ නිරතව සිටින බවයි බන්ධනාගාරයේ ප්‍රකාශකයෙකු කියාසිටියේ.

ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රැඳවියන් 45 දෙනෙකු දින කිහිපයක සිට වර්ජනයක නිරත වන්නේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.

රැඳවියන් හමුවීමට පැමිණෙන නීතිඥවරුන් පරික්ෂාවට ලක් නොකිරීම / අධිකරණයට ගොස් නැවත පැමිණීමේදී බන්ධනාගාර නිළධාරින්ගේ පරික්ෂාවට ඉඩ නොදීම / පවුලේ ඥාතීන් සමග දුරකථනයෙන් කතා කිරීමට ඇති කාලය දීර්ඝ කරගැනීම / බන්ධනාගාර ආපන ශාලාවෙන් ආහාර ලබා ගැනීම සඳහා දැනට අනුමත රුපියල් 8000 දිීමනාව රුපියල් 20000 දක්වා වැඩි කිරීම මෙම රැඳවියන්ගේ ඉල්ලීම් වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට හෝ සාකච්ඡා කිරීමට කිසිඳු අදහසක් නොමැති බවත් අවශ්‍ය කාලයක් ආහාර වර්ජනය කිරීමට රැඳවියන්ට ඉඩ දී ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button