දේශීය පුවත්
බස් මංතීරුවේ යතුරු පැදි සහ ත්‍රී රෝද රථ ධාවනයට බස් හිමියන්ගේ විරෝධය

බස් ප්‍රමුඛතා මංතීරුව ඔස්සේ යතුරු පැදි සහ ත්‍රී රෝද රථ ධාවනයට සම්පූර්ණයෙන්ම විරුද්ධ බව පුද්ගලික බස් හිමියන් පවසනවා.
ගැසට් නිවේදනයක් මගින් ප්‍රමුඛතා මං තීරුව බස් රථවලට පමණක් වෙන්කර දී ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ.
එමෙන්ම මෙම තීරණය ඔස්සේ රිය අනතුරු ඉහළ යා හැකි බවද ඔහු ප්‍රකාශ කලා.
මෙම තීරණය ඉවත් කර නොගතහොත් සියලු පුද්ගලික බස් හිමියන් සමග එක්ව ධාවනයෙන් ඉවත් වන බවයි ගැමුණු විජේරත්න මහතා කියාසිටියේ.