දේශීය පුවත්

බස්නාහිරින් පිටට ගිය 550ක් සොයා ගැනේ

නිරෝධායන ඇඳීරි නීතිය පනවා ඇති බස්නාහිර පළාතෙන් වෙනත් ප‍්‍රදේශවලට ගිය පුද්ගලයින් 550 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මඩකලපුව, නුවරඑළිය, තංගල්ල, මාතර, යාපනය සහ බණ්ඩාරවෙල යන ප‍්‍රදේශවලටද මෙම පිරිස ගොස් ඇති බවයි. ඔවුන් මේ වනවිට රැඳී සිටින ස්ථානවලදීම දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

කෙසේවෙතත් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසිපත් කාර්යාලය පැවසුවේ නිරෝධායන රීති උල්ලංඝණය කරමින් පිටව ගොස් ඇත්තේ පුද්ගලයින් 195 දෙනෙකු පමණක බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button