දේශීය පුවත්

බන්ධනාගාර බුද්ධි අංශය යළි සක්‍රීය කිරීමට යෝජනාවක්

බන්ධනාගාර බුද්ධි අංශය යළි සකී‍්‍රය කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

බන්ධනාගාර බුද්ධි අංශය සදහා මීට පෙර නිලධාරීන් 200 දෙනෙකු අනියුක්ත කර තිබූ නමුත් ඉකුත් ආණ්ඩුව සමයේදී එහි නිලධාරීන් සංඛ්‍යාව 95 දෙනෙකුට සීමා කෙරුණා. එහෙත් බන්ධනාගාර ආරක්‍ෂක කටයුතු සදහා එම නිලධාරීන් සංඛ්‍යාව ප‍්‍රමාණවත් නොවන බවයි ආරක්‍ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡුාවකදී අදහස් පළවී ඇත්තේ.

AV Rase

බන්ධනාගාර ආශි‍්‍රත හදිසි වැටලීම්, විශේෂ රැුඳවියන් අධිකරණ වෙත රැගෙන යාම, රැදවියන් සහ ඔවුන් බැලීමට පැමිණෙන ඥාතීන් පරීක්‍ෂා කිරීම ඇතුලූ විශේෂ රාජකාරී කිහිපයක්ම සිදුකරනු ලබන්නේ බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින්. ඒ හේතුවෙන් බුද්ධි අංශයට තවත් නිලධාරීන් පිරිසක් බදවා ගැනීමට යෝජනා වී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

එලෙස නිලධාරීන් බඳවා ගැනීමේදී ති‍්‍රවිධ හමුදාවේ විශ‍්‍රාමික නිලධාරීන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට ද නියමිතයි.

මේ අතර බන්ධනාගාර තුළ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද පැවැත්වුණා.

බන්ධනාගාර බුද්ධි අංශය සඳහා බඳවා ගනු ලබන පිරිසට විශේෂ හමුදා පුහුණුවක් ලබාදීමට යෝජනා වී ඇති අතර බුද්ධි අංශ නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමුව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button