දේශීය පුවත්
බන්ධනාගාරයට ආ සැකකරුවකුගේ යට ඇඳුමෙන් සිම්පත් තුනක් හමුවෙයි

වැලිකඩ බන්ධනාගාරයට ආ සැකකරුවකු පරීක්ෂා කිරිමේ දී ඔහුගේ යට ඇඳුමේ සඟවා තිබූ සිම් පත් 3 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
අධිකරණය මගින් බන්ධනාගාරගත කරන ලද සැකකරු එහි ප්‍රධාන දොරටුවේ දී දැඩි පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී මෙම සිම්පත් තුන සොයා ගෙන ඇතැයි වාර්තා වේ.

සැකකරු සමඟ එම සිම්පත් තුන බන්ධනාගාර බුද්ධි අංශයට බාර දී වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබයි.