දේශපාලන පුවත්
බදියුදීන් හංගාගෙන ඉන්න අයත් නීතිය ඉදිරියට පමුණුවන්න. නීතිපති නියෝග කරයි.

බදියුදීන් හංගාගෙන ඉන්න අයත්
නීතිය ඉදිරියට පමුණුවන්න.
නීතිපති නියෝග කරයි.
අධිකරණ නියෝග සහ නීතිපති හෑල්ලුවට ලක් නොකර, හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් අත් අඩංගුවට ගන්නා ලෙස, නීතිපති දප්පුල ද ලිවේරා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යළිත් නියෝග කර තිබේ.

රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කැදවා, නීතිපති විසින් මේ උපදෙස් ඊයේ දිනයේ දී ලබා දී ඇති බව වාර්තා වේ.
නීතියේ රැහැනට හසුකරගත යුතු පුද්ගලයන්ට රැකවරණය ලබා දෙන පුද්ගලයන්ද නීතිය ඉදිරියට පමුණුවන ලෙස නීතිපති මෙහිදී, රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිට දැනුම් දී තිබේ.