බදියුදීන් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම අද

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (20) සලකා බැලීමට නියමිතය.
කුමුදුනී වික්‍රමසිංහ සහ සෝභිත රාජකරුණා යන මහත්ම මහත්මීන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලෙනු ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති සි.ඩි වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති එස් .පි රණසිංහ මහතා ඇතුළු 07 දෙනෙකු නම්කර ඇති බව සඳහන් වේ.
රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපළ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටින බව පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් මහතා සිය පෙත්සමෙන් කරුණු දක්වා ඇත.
මේ හේතුවෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් සහ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
කෙසේවෙතත් දින 6 ක කාලයක් සැඟව සිටි සැකකාර මන්ත්‍රීවරයා ඊයේ (19)අලුයම දෙහිවල ප්‍රදේශයේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණුනි.
දෙහිවල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක දී අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.