දේශපාලන පුවත්

බදියුදීන්ගේ පෙත්සම කල්යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමෙ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම නොවැම්බර් මස 06 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (20) කුමුදුනි වික්‍රමසිංහ සහ සෝභිත රාජකරුණා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාට මේ ආකාරයෙන් උපදෙස් ලබා දීමට බලයක් නොමැති බව පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් තම සේවාදායකයා මේවන විට අත්අඩංගුවට පත්ව සිටින අතර මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන කරුණ පිළිබඳව මෙතෙක් තමන්ට උපදෙස් ලැබී නොමැති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

ඒ අනුව පෙත්සම නොවැම්බර් මස 6 වනදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එදින පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවය ස්ථාවරය දැනුම් දෙන ලෙස නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button