ක්‍රීඩා පුවත්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යළිත් කල් යයි

Bangladesh cricket team's tour of Sri Lanka postponed again

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නැවත වරක් කල් ගොස් තිබෙනවා.

ඒ නිරෝධායන කාල සීමා සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අතර හටගෙන ඇති අර්බුදය හේතුවෙනුයි.

AV Rase

ශ්‍රී ලංකා සෞඛ්‍ය රෙගුලාසි අනුව විදේශයන්හි සිට පැමිණෙන ඕනෑම අයෙකු දින 14 ක නිරෝධායන කාලසීමාවකට යටත් වනවා.

එහෙත් බංග්ලාදේශය ඉල්ලා සිටින්නේ එය දින 07 කට සීමා කරන ලෙසයි.

ඒ අනුව ටෙස්ට් තරග 03 කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය වෙනත් කාලසීමාවක පැවැත්වීමට සිදුවන බවයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් සඳහන් කර ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපුටා දක්වමින් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ බංග්ලාදේශ කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙකු පවා වෛරසයට ගොදුරු වී ඇති අවස්ථාවක ඔවුන්ගේ ඉල්ලීම් කිසිදු ආකාරයකින් සළකා බැලිය නොහැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button