ක්‍රීඩා පුවත්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට රටවල් 02 ක නිරෝධායන සැලසුමක්

Quarantine plan for Bangladesh cricket team in 2 countries

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට රටවල් 02 ක නිරෝධායන සැලසුමක් හඳුන්වා දීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී තිබෙනවා.

එළඹෙන ටෙස්ට් තරගාවලියට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණීමෙන් පසු දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට යොමුවීමට ඔවුන් අකමැත්ත පළකර තිබිම ඊට හේතුවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර බංග්ලාදේශයේදී දින 07 ක සහ මෙරටට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකාවේදී දින 07 ක ලෙස අවස්ථා 02 ක නිරෝධායන ක්‍රියාවලියකට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම යොමු කරවීම පිළිබඳ යෝජනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේවෙතත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ ශ්‍රී ලංකා සෞඛ්‍ය අංශ විසින් මේ දක්වා ඊට අනුමැතිය පළකර නැහැ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ කොවිඞ් මර්දන කාර්ය සාධක බලකාය අතර ඊයේ දිනයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය නියමිත පරිදි පැවැත්විය යුතුය යන්න සියල්ලන්ගේ ස්ථාවරය වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා සඳහන් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button