දේශීය පුවත්

පෞද්ගලික උත්සව සඳහා ජනපතිට ඇරයුම් නොකරන්නැයි ඉල්ලීමක්

ජනතා යහපත උදෙසා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ බිම් මට්ටමේ ජනතා ගැටළු විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දෛනික නිල කාර්යයන්හි ප්‍රමුඛත්වය දී තිබේ.

ජාතික වගකීම් සපුරාලීම සඳහා කාලය වැය කිරීමට අමතරවඋත්සව, ත්‍යාග ප්‍රදාන, විවාහ මංගල්‍යය හා සාද වැනි අවස්ථාවනට සහභාගිවීමට අපේක්ෂා නොකරන බැවින්එවැනි අවස්ථා සඳහා එතුමාට ආරාධනා නොකරන්නැයි සියලු දෙනාගෙන් කාරුණික ඉල්ලීමක් කෙරේ.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමා කෙරෙහි ඇති ගෞරවාදරය සහ ප්‍රසාදය නිසා බොහෝ දෙනා තම ජීවිතයේ වැදගත් අවස්ථාවනට එක්වන ලෙස එතුමාට ඇරයුම් කරති. ජනතාව තමා කෙරෙහි ඇති මේ බැඳීම එතුමා මහත් සේ අගය කරයි.

එසේ වුවද නිල කටයුතුවලින් බැහැර තමාට ලැබෙන හැම පැයම ජනතාවගේම අභිවෘද්ධිය පිණිස කැප කිරිමට ජනාධිපතිතුමා අදිටන් කරගෙන සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button