දේශීය පුවත්
පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වෙන වයස් සීමාවේ වෙනසක් ?

පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා ඉහළ දැමීමට සලකා බලන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අනාගතයේ දී සේවා ප්රවීනයන්ගෙන් තවදුරටත් රටට සේවය ලබාගැනීමේ අරමුණින් මෙය සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ඊයේ (14) කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති කම්කරු උපදේශක සභාවේ දී ඉදිරිපත් වූ එම යෝජනාවට සේවක සම්මේලනයේ සහ වෘත්තීය සමිතිවල පූර්ණ එකඟතාවය හිමිව තිබේ.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මේ පිළිබඳ අවසන් තීරණය මීළඟ කම්කරු උපදේශක සභාවේ දී ප්‍රකාශයට පත්කරන බවත් පසුව ඊට අදාළ නෛතික ප්‍රතිපත්ති සකස් කරන බවය.
Source : Adaderana