පොලිසියට වාර්තා නොකරන බ්‍රැන්ඩික්ස් සේවකයින්ගේ දේපළ තහනම් කිරීමේ තීරණයක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයේ සේවක සේවිකාවන් 1402ක පමණ පිරිසෙන් 125 දෙනෙකු අද දින ද (8) නිරෝධායනය කටයුතු සඳහා පොලිසිය විසින් නම් කරන ලද ස්ථාන වෙත වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
ඊයේ දිනයේදී සේවක සේවිකාවන් 245 දෙනෙක් එම ස්ථාන වෙත පැමිණ තිබේ.
කෙසේ වෙතත්, බුද්ධි අංශ හා සංඛ්‍යා දත්ත විශ්ලේෂණ අනුව එලෙස වාර්තා නොකරන ලද තවත් සුළු පිරිසක් සිටින බවත් ඔවුන් කොළඹින් බැහැරව සිටිනු ඇති බවත් විශ්වාස කරන බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව, මෙම ස්ථාන වෙත වාර්තා කිරීම සඳහා ලබා දුන් අවසාන දිනය අද දිනය බැවින්, එලෙස වාර්තා නොකරන ලද මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ සේවය කරන තවත් අය වේ නම් ඔවුන්ට ළඟ ම පොලිස් ස්ථානය වෙත වාර්තා කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
යම් ලෙසකින් කිසිවෙකු එම නියෝගවලට පටහැනිව ක්‍රියාකළහොත් ඔවුන්ගේ නිශ්චල හා චංචල දේපල තහනමට ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.