දේශීය පුවත්

පොලිස් නිළ සුනඛ වෙන්දේසි තහනම් කිරීමට තීරණය කරයි

පොලිස් නිළ සුනඛ වෙන්දේසි මින් ඉදිරියට නතර කිරීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත ඊට අදාළ උපදෙස් ලබාදී ඇති බවට වාර්තා වනවා

AV Rase

පොලිස් නිල සුනඛ කොට්ඨාශයට අයත් සේවයෙන් ඉවත් කළ සුනඛයින් වෙන්දේසියක් පසුගිය මස 15 වන දා මහනුවර දී පැවැත්වුණා.

එහිදී වයස අවුරුදු 10 ඉක්ම වූ නිල සුනඛයින් 25 දෙනෙකු වෙන්දේසි වී තිබුණා.

එහිදී සමාජ මාධ්‍යයේ ඒ පිළිබදව කතාබහට ලක්වූ අතර, ඊට දැඩි විරෝධයක් ද එල්ල වුණා.

කෙසේ වෙතත්, මින් ඉදිරියට එලෙස සේවයෙන් ඉවත් කළ සුනඛයින් වෙන්දේසි නොකරන ලෙසටත් එම සතුන්ට සුදුසු පරිදි පහසුකම් ලබාදී පොලිස් නිළ සුනඛ කොට්ඨාශය විසින් රැක බලා ගැනීම සිදුකළ යුතු බවට ද ආරක්ෂක ලේකම්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button