දේශපාලන පුවත්
පොල් මැනිල්ල විහිළුවක් වෙලා – ළඟදීම තීරණයක් ගන්නවා – කැබිනට් ප්‍රකාශක කෙහෙළිය
Coconut Manila is a joke - a decision will be taken soon - Cabinet Spokesperson Keheliya

පොල් මිල තීරණය කිරීමට ටේප් පටියෙන් වට ප්‍රමාණය මැනීම ප්‍රායෝගික නැතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
අද වන විට පොල්ගෙඩිය සහ ටේපි පටිය රට තුළ හාස්‍යයට ලක් වී ඇති බවත් ඒ ගැන තමන් කනගාටුව පළ කරන බවත් ඔහු කියා සිටියේය.

කවුරුන් හෝ ගත් ගනු ලැබූ එම තීන්දුව කිසිදු ප්‍රායෝගිකත්වයෙන් තොර එකක් බවද ඒ මහතා පැවසීය.
මෙම කටයුත්ත සිදු විය යුත්තක් නොවන බව තම පුද්ගලික අදහස බවද ඒ මහතා කියා සිටියේ හිරු රූපවාහිනී සලකුණ වැඩසටහන සමග එක්වෙමිනි.
99%ක්ම දෙනා මෙම කටයුත්ත ගැන එකග නැති බවත් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදීද සාකච්චා වූ බවත් එය නිවැරදි කිරීමට කටයුතු කරන බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.