දේශීය පුවත්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාල ලබන 23වන දා දක්වා මහජනතාවට විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ඇතුළු මහජනතාව වෙත සැපයෙන අනෙකුත් සේවාවන් පිළිබඳ වැඩිදුර විමසීම් සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වාදී තිබේ.

AV Rase

එම අංක පහතින්,
0115226126
0115226115
0115226100
0115226150

විභාග කටයුතු, සම්මුඛ පරීක්ෂණ කටයුතු, විදෙස් ගමන් බලපත් ලබා ගැනීම වැනි හදිසි හා අත්‍යවශ්‍ය කටයුතු සඳහා ජාතික හැඳුනුම්පත කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය ඉල්ලුම්කරුවන්ට තම හදිසි අවශ්‍යතාවය ඉහත දුරකථන අංක ඔස්සේ දැනුම් දිය හැකි අතර එම ඉල්ලුම්පත සඳහා කඩිනමින් හැඳුනුම්පත් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් යොදා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button