දේශීය පුවත්

පිලිපීන නැවකින් ගාල්ල වරායට පැමිණි සේවකයෙක් හදිසියේම මරුට

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු නෞකාවක සේවය කළ පිලිපීන ජාතිකයෙකු හදිසියේ රෝගාතුර වීම නිසා ඔහුව රෝහල් ගත කිරිම සඳහා ටග් යාත්‍රාවකින් ගාල්ල වරාය වෙත රැගෙන එමින් සිටිය දී ඊයේ (08) පස්වරුවේ මියගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසනවා.

ඩුබායි වරායේ සිට තායිවානය බලා යාත්‍රා කරමින් තිබු මෙම නෞකාවේ තුන්වැනි නිලධාරියා වන හදිසියේ අසනීපවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

AV Rase

ඒ සම්බන්ධයෙන් ඉකුත් 01 වෙනිදා නැව් නියෝජිත ආයතනයට දැනුම් දීමෙන් අනතුරුව එම පිලිපීන ජාතිකයාව රෝහල් ගත කිරිම සඳහා එම ආයතනය ටග් යාත්‍රාවකින් එහි කාර්ය මණ්ඩලය සහ වරාය අධිකාරියේ සේවකයෙකු පිටත්ව ගොස්ව තිබෙනවා.

නෞකාවෙන් එම රෝගියාව ටග් යාත්‍රාවට ගෙන යලි ගාල්ල වරාය කරා රැගෙන එමින් සිටිය දී ඔහු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ.

මෙම පිලිපීන ජාතිකයාව රෝහල් ගත කිරිමට ගාල්ල වරාය පරිශ්‍රය තුල ගිලන් රථයක් ද ඒ වන විට සුදානම් කොට තිබු බවයි වාර්තා වන්නේ.

මියගිය පිලිපීන ජාතිකයා 52 හැවිරිදි වියේ පසුවූ අතර ඔහු දැඩි ලෙස දියවැඩියා රෝගයෙන් පෙලි ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ටග් යාත්‍රාවේ ගමන් කළ කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරයා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම පිලිපීන ජාතිකයාව රැගෙන ඒමට ගොස් තිබුණත් ඔවුන්ව නිරෝධායනයට යොමු කොට PCR පරීක්ෂණ වලට ලක් කිරිමට නියමිතයි.

මියගිය පිලිපීන ජාතිකයාගේ දේහයෙන් ද PCR පරීක්ෂණ සිදුකිරිම සඳහා ජෛව සාම්පල් ලබා ගැනීමට නියමිත අතර ඔහුගේ මෘත දේහය කොවිඩ් – 19 වසංගත නිරෝධායන නීතින්ට අනුව කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button