පිරිමි සම්බාහන මධ්‍යස්ථානයක් පොලීසිය වටලයි – අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ ස්ථානයක් බවත් හෙළි වෙයි

මොරටුව, මොරටුවැල්ල ද මෙල් මාවතේ පවත්වාගෙන ගිය අන්තර්ජාලය හරහා සම්බන්ධ පිරිමි සමලිංගිකයන් සම්බාහනය කරන මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමඟ ආලේපන වර්ග විශාල ප්‍රමාණයක් ශරීර උත්තේජන සඳහා ලබාගන්නා පෙති, උපත් පාලන කොපු, අඟපසඟ පුෂ්ටිමත් බව පෙන්වීම සඳහා යොදාගන්නා ශරීර උපකරණ රැසක් මෙන්ම එහි තිබූ විශේෂිත ඇඳන් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගත් බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියක් ලබා තිබූ මෙම මධ්‍යස්ථානයට ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු උපාය දූතයකු ලෙස යොදවා එහි ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නීල් ප්‍රියන්ත මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකළ බව පොලිසිය කියයි.
මොරටුව ද මෙල් මාවතේ තෙමහල් ගොඩනැඟිල්ලක, ඉහළ මහලේ පවත්වාගෙන ගොස් ඇති මෙම සමලිංගික සම්බාහන මධ්‍යස්ථානය සඳහා මොරටුව නගර සභාවෙන් වෙළෙඳ බලපත්‍රයක් පවා නිකුත් කර තිබූ බව පොලිසිය කියයි.
වැටලීම සිදුකරන අවස්ථාවේදී මෙහි අයිතිකරු නොසිටි බවද පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා නුවර සහ කළුඅග්ගල ප්‍රදේශවල පදිංචි 21, 31 වයසේ පසුවන්නන් බවත් පොලිසිය කියයි.
සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගත් සියලුම දේපළ මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා මොරටුව පොලිසිය වෙත භාර දී ඇත.
බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීල් ප්‍රියන්ත මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකළහ.
කොළඹ – එම්.සී. පෙරේරා