විදෙස් පුවත්
පිටරටින් බඩු ගෙන්නන්නේ පරිස්සමින් Amazon සේවකයන් 19000කට කොරෝනා
Corona for 19000 Amazon employees

ඔන්ලයින් ක්‍රමය හරහා භාණ්ඩ අලෙවි කිරීමේ දැවැන්ත ව්‍යාපාරික ජාලයක් වන ඇමසෝන් සමාගමේ සේවය කරන සේවකයින් 19,816 දෙනෙකුට කොරෝනාවෛරසය වැළඳී ඇතැයි එම සමාගම පවසනවා.
එම සමාගමේ සේවකයින් මිලියන 1.37ක් පමණ සේවය කරන අතර එම සංඛ්‍යාවට සාපේක්ෂව කොරෝනා වෛරසය වැළඳී ඇති ප්‍රතිශතය 1.44% ක් වනවා.

එම සමාගමේ සේවකයින්, සේවක සංගම් සහ දේශපාලනඥයින් චෝදනා කරන්නේ, ඇමසෝන් සමාගම සිය සේවකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය අවදානමක හෙළා ඇති බවටයි.
කෙසේ වෙතත්, එම සමාගම පැවසුවේ, සේවකයින් ආසාදිත ප්‍රතිශතය ඉතා අඩු මට්ටමක පවතින බවයි.