දේශීය පුවත්

පිටරටින් ගෙන එන රෙදි වලට ඩොලරයක බද්දක් අය කිරීමට තීරණය කරයි

ආනයනය කෙරෙන නිමි ඇඳුම් හා රෙදි කිලෝවක් සඳහා ඇමරිකානු ඩොලරයක බද්දක් අය කිරීමට බතික්, අත් යන්ත්‍ර හා දේශීය ඇඟලුම් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

තවද,ක්ෂේත්‍රයේ සියලු දෙනා අමාත්‍යාංශයේ ලියාපදිංචි කර නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමටද එම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

AV Rase

මේ වන විට අත්යන්ත්‍ර පේෂකර්ම නිෂ්පාදනය කරන්නන් 20279ක් ද බලවේග යන්ත්‍ර හිමියන් 380 ක් සහ 480 දෙනෙක් නූල් ආනයනය කරන බවට ද තොරතුරු අමාත්‍යාංශය සතුව පවතින බවද සඳහන්.

නමුත් තවත් පිරිසක් අමාත්‍යාංශයේ ලියාපදිංචි නොවී සිටින බවත් අනාවරණය වී තිබෙන බැවින් එලෙස සිටින පිරිස් හඳුනාගැනීමේ කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කෙරෙන අතර ඒ සඳහා නව වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට ද නියමිත බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button