දේශීය පුවත්

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රිතව ආසාදිතයින් වැඩිවෙන්න හේතුව

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රිතව පසුගිය දිය 4 තුළ ආසාදිතයින් 471කු වාර්තා වු බවත් එය පස්ගුණයක වැඩිවීමක් බවත් කොළඹ මහානගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.

අද (24) උදෑසන දෙරණ අරුණ සමග කොළඹ නගරයේ දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

AV Rase

එමෙන්ම කොළඹ නගරයේ පළමු පෙළ ආශ්‍රතයින් සියලුදෙනා පොරොත්තු ලේඛනයක නොතබා පරීක්ෂණ කටයුතු සිදුකිරීමට කටයුතු කර ඇති බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

පසුගිය මාර්තු මාසයට වඩා මේ වන විට වෛරසයේ බෝ වීමේ ප්‍රවනතාව වැඩි වී ඇති ද ඒ මහතා පවසයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රිතව වෛරසය වෛරසයේ බෝ වීමේ ප්‍රවනතාව වැඩි වුයේ එම පරිසරය තුළ වෛරසයට වර්ධනය වීමට පහසුවන ශීත පරිසරයක් පැවතිම බවද ඒ මහතා පැහැදිලි කළේය.

එමෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රිතව රෝග ව්‍යාප්තිය වැඩි වශයෙන් පෙන්නුම් කරන්නේ එහි සේවකයින් සහ වෙළෙඳුන්ගේ බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, මෙරටින් වාර්තාවන සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 7000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ (23) හඳුනාගැණුනු නව ආසාදිතයින් 865 දෙනාද සමගය.

ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තාවන සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 7153ක් වන අතර ඊයේ හඳුනාගැණුනු ආසාදිතයින් 865 දෙනා එක් දිනක් තුළ මෙරටින් හඳුනාගැණුනු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව විය.

Source : Adaderana

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button