පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු STF වෙත ලබා නොදීම ගැන අදටත් ප්‍රේහේලිකාවක්
It is still a mystery why the information about the Easter attack was not given to the STF

පාස්කු ඉරු දින ප්‍රහාරයක් එල්ල වෙන බවට 20 වැනිදා වන විට රාජ්‍ය බුද්ධි සේවයට ලැබී තිබුණු තොරතුරු ගැන තමන්ව දැනුවත් නොකිරීම ප්‍රෙහේලිකාවක් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අණ දෙන නිලධාරී එම්.ආර්.ලතිෆ් මහතා පසුගියදා (26) පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් පැවසුවේය.
අඩුම තරමේ 20 වැනිදා ලැබී තිබුණ තොරතුර හෝ තමන්ට දැනුම් දුන්නේ නම් මුළු කොළඹම සීල් ඕෆ් කර චෙක් පොයින්ට්ස් යොදා ඒ වෙනුවෙන් බොහෝ දේ කිරීමට අවස්ථාව තිබුණු බවයි ලතිෆ් මහතා සාක්ෂි දෙමින් කියා සිටියේ.

සාක්ෂි මෙහෙයවූ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සවිස්තරාත්මක ලේඛනයක් පෙන්වා විමසුවේ මෙය මීට පෙර තමන් දැක ඇත්ද යන්නයි.
ලතීෆ් මහතා සාක්ෂි දෙමින් පැවසුවේ තමන් එය ප්‍රථම වරට දකින්නේ ජනාධිපති කොමිසමෙන් බවයි.
මේ සම්බන්ධයෙන් මෙම කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසුවේ නැගෙනහිර පළාත් තුළ විශේෂ කාර්ය බලකායේ කඳවුරු පැවති හෙයින් එම පළාත පිළිබඳව සැකයක් නොතිබුණු බවයි.
එම කාරණය මතුකරමින් ලතිෆ් මහතා පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය සම්බන්ධයෙන් පොලිස්පතිට එතරම් ලොකු බලාපොරොත්තුවක් තිබුණා නම් තොරතුරු තමන්ට නොදුන්නේ ඇයිද යන්නයි.
පොලිස්පති හා මා අතර එතරම් සුහද සබඳතාවක් තිබුණේ නැහැ
කෙසේවෙතත් පසුගිය වසර කිහිපය තුළ පොලිස්ප්පපති පූජිත් ජයසුන්දර සහ තමන් අතර තිබූ සභදතාව තිබිය යුතු අයුරින් නොතිබුන බවත්, එය විවිධ පරිපාලනමය හේතූ නිසා පළුදුව තිබූ බවත් ලතීෆ් මහතා කියා සිටියේය.
නමුත් විශේෂ කාර්ය බලකාය සහ පොලීසීය ආරක්ෂක අමාත්‍යාංශය යටතට යොමු වීමෙන් පසු දෙපාර්ශවය අතර සහයෝගයක් තිබූ බවයි ඔහු පැවසුවේ.
රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: අප්‍රේල් 04 තොරතුරු ඔබට හමු වුණාද ?
සාක්ෂිකරු : ඔව් ස්වාමීනී අප්‍රේල් 09 වන දින පැය 18.43 ට
රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: අප්‍රේල් 09 වන දින ඔබේ කාර්යාලයට මේ ලිපිය ලැබෙන්න පෙර පොලිස්පති ඔබට කතා කළාද ?
සාක්ෂිකරු: කතා කළේ නැහැ ස්වාමීනී. අප්‍රේල් 10 වන දින මම පොලිස්පතිට කතා කළා. ප්‍රංශයේ පුහුණුවාරයකට ගොස් සිටි මා නැවත ලංකාවට පැමිණි බව පොලිස්පතිට මම දැනුම් දුන්නා. ඒ වෙලාවෙ මම ඇහුව ඔහුගෙන් මා ලංකාවෙන් බැහරව සිටි කාලය තුළ යම් විශේෂ සිදුවීමක් සිදු වුනාද කියලා,ඒ වේලාවෙ පොලිස්පති කිව්ව එහෙම කිසිදු විශේෂයක් නැහැ, අස්ලාම් අලෙක්කුම්, වෙල්කම් කියල ෆෝන් එක කට් කළා. මම පොලිස්පතිට කෝල් එක ගන්න වේලාවේ මේ වටිනා බුද්ධි තොරතුර ගැන දැනගෙන හිටියේ නැහැ. මම නැවත කාර්යාලයට ආවම තමයි මේ සම්බන්ධයෙන් දැන ගත්තේ.
කොමිසම: අප්‍රේල් 20 ට පෙර පොලිස්පති හෝ ඔබ අතර දුරකථන සංවාද හෝ රැස්වීම් හෝ හමුවීම් සිදුවුණාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී, රැස්වීම් කිහිපයකදීම හමුවුණා,මේ මගේ නෝට්බුක් එක, මම මේ පොතේ meetings ගැන සහ special points ගැන එහෙම ඒවා කිව්ව දවස සහ දේවල් ලියා ගන්නවා. අප්‍රේල් 11 බ්‍රහස්පතින්දා ආරක්ෂක ලේකම් හමුවුණා මත් ද්‍රව්‍ය නාශක හා අපරාධ මැඩලීම ගැන කිව්වෙ. පොලිස්පති ඊට සහභාගී වුණේ නැහැ. 11 සාකච්ජාවෙන් පසු පොලිස්පති හමුවුණා. විනාඩි 25 ක් පැය භාගයක් වගේ කාලයක් ඔහු සමග සිටියා. අප්‍රේල් 19 තමයි මම නැවත පැමිණියේ, එදින දවල් හෝ පස්වරුවේ හිටපු SIS ප්‍රධානී නිලන්ත ජයවර්ධන කෝල් කළා. අප්‍රේල් 16 කාත්තන්කුඩියේ වූ පිපිරීම ගැන නිරීක්ෂණ ඇහුවා.
පශ්චාද් පිපිරීම් විමර්ශන වාර්තාව බලල කෝල් කරන්නම් කියල නිලන්තට මම කිව්වා. මම 20 වෙනිදා වාර්තාවක් කැදවලා පැය 19.27ට නිලන්තට අරන් මේ ගැන විග්‍රහ කළා.
මට ඉන්දියානු කාර්යාල නිලධාරියෙක් අප්‍රේල් 20 හමුවුණා. බුද්ධි තොරතුරක් පාස් වෙලා තියෙනවා කිව්වා, Specific Hotels වලට ගහනවා කිව්වා,මම SIS Director ට කෝල් කරලා මේ ගැන දීර්ඝව කතා කරත් ඔහු මට මේ ගැන කිව්වෙ නැත්තෙ ඇයි කියලා මට ගැටලුවක් තිබ්බා.
කොමිසම: නිලන්ත ජයවර්ධනගෙන් ඇහුවේ නැද්ද මොකක්ද මේ කතාව කියලා?
සාක්ෂිකරු: මම ඇහුවේ නැහැ ,පිපිරීම සම්බන්ධයෙන් තමා සාකච්ජා කළේ. ලිඛිතව එවයි කියල මම හිතුවා.
කොමිසම: අප්‍රේල් 14 ඔබ දිවයිනෙන් පිටත්වයාමට පෙර පෞද්ගලිකව ආරක්ෂක ලේකම් සහ පොලිස්පති හමුවුණා නේද ? ලේඛනය ගැන විමසීමක් කළාද ?
සාක්ෂිකරු : නැහැ ස්වාමීනී
කොමිසම : පූජිත් ජයසුන්දර සමග ඔබගේ සේවා කාලය කොපමණද?
සාක්ෂිකරු: පොලීසියට බැදුණු දිනයේ සිට ඔහුව හදුනනවා. ඔහුගේ අත් අකුරු, අත්සන පවා මම හදුනනවා.
රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: සහරාන් නැගෙනහිර කියලා ඔබ දැන සිටියද ?
ඉල්ලීම් කළත් අපිව ආරක්ෂක කවුන්සිලයට හෝ බුද්ධි සමාලෝචන රැස්වීමට ගෙන්නුවේ නැහැ
සාක්ෂිකරු: ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 22 වෙනිදා රැස් වූ security council එකේදි දැන ගත්තේ. මුල් කාලයේ ආරක්ෂක කවුන්සිලයට අපිව කැදෙව්වා. සුව එම කැඳවීම නැවතුණා. නීතිය හා සාමය ඇමති සාගල රත්නායක,ලේකම් ජගත් පී විජේවීර,පසුව රංජිත් මද්දුම බණ්ඩාර,ලේකම් පද්මසිරි ජයමාන්න මේ අයගෙන් ඇහුවා අපිව ආරක්ෂක කවුන්සිලයට ගෙන්වන්න පුළුවන්ද කියල. නමුත් කැඳවීමක් ලැබුණේ නැහැ. මත් ද්‍රව්‍ය මැඩලීමේ කාර්යයේදී විශේෂ කාර්ය බලකාය විශේෂ වැඩකොටසක් කළා. ඒ වගේ තත්ත්වයක බුද්ධි සමාලෝචන රැස්වීමට එන්න ඇහුවා. එත් ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ.
අප්‍රේල් 04 තොරතුර අපිට හරියට දුන්නා නම් ප්‍රහාරය වළක්වන්න තිබුණා
තත්ත්වය එසේ වුවද 21 වැනිදා පාස්කු ප්‍රහාරයෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බලකායට තොරතුරු ගලා එන්නට පටන් ගෙන තිබේ.
අප්‍රේල් 04 වැනිදා ලද තොරතුර පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත නිසි ලෙස ලැබුණේ නම් 21 වැනි දින දක්වා තිබූ දින 12ක 13ක කාලය තුළ මෙම ප්‍රහාරය වළක්වන්න තිබුණා යැයිද ලතීෆ් මහතා ප්‍රකාශ කරන ලදී.
පාස්කු ප්‍රහාරයෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය වෙනුවෙන් අණදෙන නිලධාරී ලෙස ලතීෆ් මහතාව කැඳවා තිබුණු අතර එදින රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ විසින් එම අන්තවාදී ත්‍රස්තයින් පිළිබඳව තොරතුරු රැසක් පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත ලබා දී තිබේ. එවිට එම තොරතුරු මීට පෙර නොදුන්නේ ඇයිද යන්න පිළිබඳවද ලතීෆ් මහතා ප්‍රශ්න කර ඇති නමුත් එයට හේතුව තවදුරටත් තමන්ට ප්‍රෙහේලිකාවක් බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර ඉහළ නිලධාරීන් ලිපිවලට FNA යොදා පහළට යොමු කිරීම සම්බන්ධයෙන් ද කොමිසම ලතීෆ් මහතාගේ අවධානයට යොමු කළේය.
”එය ඉතා නරක වැඩක් ,වහා ක්‍රියා කළ යුතු දේවල්වලට For Necessarily Actions කියා දාන්නෙ නැහැ. අනික Top Secret කියලා තියෙනවා නම් දන්නවා මේක ඉතා වටිනා තොරතුරක් කියලා” යනුවෙන් ලතීෆ් මහතා වැඩිදුරටත් කොමිසම හමුවේ කියාසිටියේය.