දේශීය පුවත්

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන්ලා ගැන හිටපු ජනපතිට කිව්වා

ආරක්ෂක කවුන්සලය රැස්වූ අවස්ථාවක පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට එල්ල කිරීමට පෙර සහරාන් හෂීම් ඇතුළු පිරිස ගැන එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම්වත් කළ බව හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අද (17) ප්‍රකාශ කළේය.

මුස්ලිම් අන්තවාදය ගැන සෙවීමට නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවකදී අනාවරණය කරගත් බුද්ධි තොරතුරුවලට අදාළව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැනුම්වත් කළ බවද එන්. කේ. ඉලංගකෝන් මහතා සඳහන් කළේය.

AV Rase

අයි. එස්. ත්‍රස්තවාදීන් අනුව යමින් සහරාන් හෂීම් කළ ක්‍රියාවන් සම්බන්ධයෙන් තමා වෙත එම කමිටුව මගින් 2015 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ අවස්ථා තුනකදී තමන් වෙත බුද්ධි තොරතුරු වාර්තා වූ බවද ඉලංගකෝන් මහතා කියාසිටියේය.

සහරාන් ඇතුළු පිරිස ගැන සෙවීමට තමා විදෙස් බුද්ධි අංශයන්ගේ සහය පැතූ බවද, ඉලංගකෝන් මහතා සාක්ෂි දෙමින් සඳහන් කළේය.

මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත විශේෂ කාර්යාලයේදී අද(17) රැස්විය.

දසුන් රාජපක්ෂ – ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button