දේශීය පුවත්

පාසල් සිසුවෙක් ඔසවා පොලවේ ගැසූ නරුමයෙක් පොලිස් අත්අඩංගුවට

පාසල් සිසුවෙකුට අමානුෂික අන්දමින් පහර දී ඔසවා පොලවේ ගැසූ පුද්ගලයෙකු හැටන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පහරදීමට මුල් වී ඇත්තේ පාසල් දරුවන් දෙදෙනෙකු අතර හටගත් ගැටුමක් සම්බන්ධ කරුණක්.

AV Rase

හැටන් බගවන්තලාව ප්‍රදේශයේ දමිල පාසලක පහ ශ්‍රේණියේ දරුවන් දෙදෙනෙකු අතර ඊයේ (11) දිනයේ ගැටුමක් හටගෙන තිබුනා.

පාසලේ ආචාර්ය මණ්ඩලය ඒ සම්බන්ධයෙන් දරුවන් දෙදෙනාට අවවාද කර තිබෙනවා.

ඉන් එක් දරුවෙකුගේ පියා විසිනුයි මෙම පහරදීම කර ඇත්තේ.

අදාල පියා ගැටුමට සම්බන්ධ අනිත් දරුවාගේ නිවෙසට ඊයේ රාත්‍රීයේ ගොස් ඔහුට බැණවැදී පහරදීමක් කර ඔසවා පොලවේ ගැසු බවටයි පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වි ඇත්තේ.

සැකකරු විසින් ඔසවා පොලාවේ ගැසු සිසුවා මේ වන විට බගවන්ලාව ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සැකකරු අද (12) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button