දේශීය පුවත්
ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීමෙන් රිෂාඩ්ගේ සොහොයුරා නිදහස් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා කියයි
Police spokesman says Rishard's brother released due to lack of evidence

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරමින් සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා මේ වන විට නිදහස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසනවා.
ඊයේ (02) පොලිස් මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා ප්‍රකාශ කළේ ඔහුට එරෙහිව ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැති වීම හේතුවෙන් මෙලෙස ඔහු නිදහස් කර ඇති බවයි.