දේශීය පුවත්
ප්‍රංශයේ ලාංකිකයෙකු එල්ල ප්‍රහාරයකින් දරුවන් 4ක් ඇතුළු පස් දෙනෙක් මරුට
Five killed in French attack on five Sri Lankans

ප්‍රංශයේ පැරිස් නුවර වාසය කරන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු තියුණු සහ මොට ආයුධ යොදා ගනිමින් එල්ල කල ප්‍රහාරයකින් ඔහුගේ ඥාතීන් වන කුඩා දරුවන් 04 දෙනෙකු ඇතුලු 05 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් 03 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.

පැරිස් අගනුවරට ඊසාන දිගින් වන ප්‍රදේශයකදී මෙම ඛේදවාචකය සිදුවී තිබෙනවා.
පවුල් ආරාවුලක් පදනම් කරගනිමින් සැකකරු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි ප්‍රංශ වාර්තාවල දැක්වෙන්නේ.
සැකකරු කෝමා තත්වයෙන් පසුවන අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද සඳහන්.