දේශීය පුවත්

පළා ගිය ආසාධිතයා අයි.ඩි.එච් රෝහලට – සහයෝගය ලබාදුන් ජාතික රෝහල් කාර්යය මණ්ඩලයට ත්‍යාග මුදලක්

මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ අද (24) අලුයම් කාලයේ දී පැන ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා සොයා ගැනීම සදහා සහයෝගය ලබා දුන් කොළඹ ජාතික රෝහලේ කාර්යය මණ්ඩලයට විශේෂ ත්‍යාග මුදලක් පිරි නැමීමට පොලිස්පතිවරයා තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා පැවසීය.

පළා ගිය රෝගියා සෙවීම සදහා, යුද හමුදාව, විශේෂ කාර්යය බළකාය ඇතුළුව කොළඹ උතුර, දකුණ සහ කොළඹ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් විශේෂ මෙහෙයුමක් ද සිදු කෙරිණි.

අදාළ රෝගියා ජාතික රෝහලට ඇතුළත් වීම සඳහා එහි පැමිණ ඇති අතර, එම අවස්ථාවේ දී රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඔහු හඳුනා ගැනීමෙන් අයි.ඩි.එච් රෝහාල් කාර්යය මණ්ඩලය සහ ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබේ.

අනතුරුව වහාම ආසාදිතයා හට ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් අන්ඳවා ඇති අතර පසුව හමුදා භාරයට ගත් කොරෝනා රෝගියා යළිත් අයි.ඩී.එච් රෝහල වෙත රැගෙනවිත් ඇත.

මෙම රෝගියා අද අලුයම කොළඹ අයි.ඩී.එච් රෝහලින් පැනගොස් ත්‍රිරෝද රථයක නැග ගමන් කරමින් සිටින බවට යුද හමුදාව වෙත තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ බුද්ධි අංශ නිළදාරින් ඇතුලු කණ්ඩායමක් විසින් සැකකරු කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී අත්අඩංගුවට ගනු ලැබුවේය.

කොරෝනා ආසාදිතයා පැමිණ තිබූ ත්‍රිරෝද රථයේ රියදුරු මේ වනවිට නිරෝධායනයට යොමුකිරීමට පියවර ගෙන ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කරන ලදී.

මෙලෙස පැනගොස් තිබුණේ් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී කොරෝනා වෛරසය ආසාදනයවූ බවට හඳුනාගැනීමෙන් පසු ප්‍රතිකාර සඳහා පසුගිය (15 ) වනදා කොළඹ අයි ඩී එච් රෝහල වෙත එවා තිබූ රැඳවියෙක්.

Leave a Reply

Your email address will not be published.

Back to top button