දේශපාලන පුවත්

පළාත් සභා මැතිවරණය ජවිපෙ ආයෙත් සිනුවෙන් ඉදිරිපත් වීමට තීරණය කරයි

එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී මාලිමාව අතහැර යළිත් සීනුව ලකුණෙන් තරග කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත යන මහත්වරුන් එළැඹෙන පළාත් සභා මැතිවරණය සීනුව ලකුණෙන් තරග කළ යුතු බවට දැඩි මතයක සිටි.

මේ සම්බන්ධයෙන් පක්ෂය තුළ විවාදයක් ද ඇති වී තිබේ.

එළඹෙන පළාත් සභා මැතිවරණය සීනුව ලකුණෙන් තරග කිරීම සඳහා පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ද කැමැත්ත හිමිව තිබෙන බව වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණය හා මහ මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ සිවිල් සංවිධාන රැසකින් සමන්විත වූ ජාතික ජන බලවේගය නම් වූ පෙරමුණකින් මාලිමාව ලකුණ යටතේ තරග කරන ලදී. මැතිවරණ දෙකේදීම සමස්ත ඡන්ද සංඛ්‍යාව ලක්ෂ පහක් ඉක්ම වීමට නොහැකි වූ අතර ලබාගත් ඡන්ද ප්‍රතිශතය 4% ට වඩා අඩු මට්ටමක පැවතිණි.

Leave a Reply

Your email address will not be published.

Back to top button