ගොසිප් පුවත්

පළමු වරට බෝට්ටුවෙන් පාර්ලිමේන්තු ආ මන්ත්‍රී

නව පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරයෙක් වන කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපති මධුර විතානගේ නව සභා වාරයට සහභාගිවීම සඳහා පැමිණියේ බෝට්ටුවකින් වීම විශේෂත්වයක්.

බෝට්ටුවකින් පැමිණි මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත දියවන්නා ඔය සංවර්ධනය කිරිම නිසා අද දිනයේදී පාර්ලිමේන්තුවට බෝට්ටුවෙන් ඒමට හැකිවූ බවයි.

AV Rase

කොළඹ නගරය ආශ්‍රිත මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතින බවත් එය මග හරවා ගැනීම සඳහා ජල ආශ්‍රිත ප්‍රවාහන මාධ්‍ය කෙරෙහි ජනතාව උනන්දු කරලීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button