දේශීය පුවත්

පහ ශ්‍රේණියේ සිසුවියන් දෙදෙනෙක්ට ලිංගික අතවර කළ ගුරුවරයෙක් පොලිස් අත්අඩංගුවට

මොරවක ප්‍රදේශයේ පාසලක පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාලවයස්කාර සිසුවියන් දෙදෙනෙකුට පාසල් කාලය තුළ ලිංගික අතවර කළ එම පාසලේම ගුරුවරයෙකු ඊයේ (27) අත්අඩංගුවට ගත්බව මොරවක පොලිසිය පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 52 හැවිරිදි කොස්නිල්ගොඩ ,මොරවක ප්‍රදේශයේ පදිංචි පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට ඉගෙනීම් කටයුතු කරන ගුරුවරයෙකු බව පොලිසිය කියයි.

මෙම සිසුවියන් දෙදෙනාට අවස්ථා දෙකකදී පාසල් කාලය තුළ අදාළ ගුරුවරයා විසින් ලිංගික අතවර සිදුකළ ඇති අතර එය ඉවසාගත නොහැකිව සිසුවියන් දෙදෙනා අදාළ සිදුවීම සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් කර ඇත.

අනතුරුව දෙමාපියන් විසින් සිද්ධිය පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන අද (27) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (31) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සිද්ධියට මුහුණ පෑ පාසල් සිසුවියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොරවක රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button