ගොසිප් පුවත්

පසුගිය වසර එකහමාරක කාලය මට ගොඩක් අමාරු වුණා – මගේ මව තමයි මගේ ලොකුම රසිකාවිය

The last year and a half has been very difficult for me - my mother is my biggest fan

ලොව පුරා ලීග් තරඟාවලි සඳහා රෂිඩ් ඛාන් සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමක්.

ඒ ඔහු ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා ලෙස සැලකෙන නිසයි.

ක්‍රීඩා ලෝකයේ පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස තරඟාවලියක් වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ඔහු මෙවරත් එක්ව සිටිනවා.

රෂිඩ් එක්ව වසර ගණනාවක සිට එක්ව සිටින්නේ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමටයි.

එහිදී ඔහු ප්‍රබල තුරුම්පුවක් ලෙස ද සලකනවා.

ඊයේ (29) දිනයේ පැවැති තරඟාවලියේ 11 වන තරඟයේ දී සිය දක්ෂතා පෙන්වමින් ඔහු ලොවට පෙන්නුම් කළේ ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයන් අතරින් තමාගේ නම යළිත් ඉහළින්ම සිටින බව පෙන්නුම් කරනු ලැබුවා.

ඔහු ඊයේ (29) දිනයේ ලකුණු 14කට කඩුලු 3ක් බිඳ හෙලු අතර මෙවර තරඟාවලියේ ලද පළමු ජයග්‍රහණය ද ඔවුන් වාර්තා කිරීමට සමත් වුණා.

22 වන හැවිරිදි වියේ පසුවන රෂිඩ් මෑතක කාලයේ පෞද්ගලික ජීවිතයේ බොහෝ දුක් කම්කටුලු වලට මුහුණ දීමට ද සිදු වුණා.

ඊයේ තරඟයෙන් අනතුරුව පැවැති ත්‍යාග ප්‍රධාන උත්සවයේ දී ඔහු එම තරඟයේ වීරයාගේ සම්මානය දිනාගත් අවස්ථාවේ මේ බව පළමු වරට මාධ්‍ය වෙත සඳහන් කළා.

“පසුගිය වසර එකහමාරක කාලය මට ගොඩක් අමාරු වුණා. පළමුවෙන් මගේ පියා නැති වුණා. පසුව මගේ මව නැතිවුණා. ඒ නිසා මට යම් කාලයක් ගත වුණා යළි ප්‍රකෘති තත්ත්වයට එන්න. මගේ මව තමයි මගේ ලොකුම රසිකාවිය.  තරගයේ වීරයා සම්මානයක් දිනා ගත්තම ඇය රාත්‍රිය පුරාවටම මාත් සමග කතා කරනවා. මගේ මේ සම්මානය මම ඔවුන්ට පුද කරනවා”

මෙම ප්‍රකාශය සිදු කළ අවස්ථාවේ ඔහු සංවේදී වීමද කාගේත් නෙතට කඳුලක් පැමිණියා.

Leave a Reply

Your email address will not be published.

Back to top button