දේශීය පුවත්

පරාජය වූ මන්ත්‍රීවරුන් නිල නිවාස භාර දෙයි

මැතිවරණයෙන් පරාජය වූ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඔවුන්ගේ නිල නිවාස භාර දීමට කටයුතු කර ඇත.

නිල නිවාස භාරනොදුන් මැති ඇමති වරුන්ට නඩු පැවරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කල ප්‍රකාශයෙන් පසුව එම නිල නිවාස භාර දී ඇත.පාර්ලිමේන්තුව විසුරුවා තෙමසක් තුල නිල නිවාස භාරදිය යුතු උවත් එසේ කර ඇත්තේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු පමණි.

AV Rase

එම නිසා රජයේ පිටපු මැති ඇමතිවරුන් 22කට එරෙහිව නඩු පවරණ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කර තිබුණා.

අදාල දැනුම්දීම් වලින් අනතුරුව එම නිල නිවාස භාරදීමට කටයුතු කර ඇති අතර මේ වන විට නඩු පැවරීමක් නොකර ඇති අතර 8වන පාර්ලිමේන්තුවේ මැති ඇමති නිල නිවාස සියල්ල භාර දී ඇත.

මේ අතර නව පාර්ලිමේන්තුවේ නිල නිවාස, මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් අනුව අදාළ නිල නිවාස ඔවුන්ට ලබාදීමට නියමිත බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button