දේශීය පුවත්

පරණ දුම්රිය මැදිරි, බස් රථ හා ධීවර යාත්‍රා වලින් වැඩක් ගන්න රජය තීරණය කරයි

භාවිතයෙන් ඉවත් කර ඇති දුම්රිය මැදිරි, බස් රථ හා ධීවර යාත්‍රා සාගර පතුලේ තැන්පත් කර කෘත්‍රිම මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන ඇති කිරීමට රජය තීරණය කර තිබේ.

මෙරට මුහුදු සීමාවේ මත්ස්‍ය අස්වැන්න ප්‍රවර්ධනයට හඳුනාගත් ස්ථාන 172ක මෙම මධ්‍යස්ථාන ඇති කරනු ඇත.

AV Rase

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

මත්ස්‍ය ආනයනයට වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීමට පැතිකඩ කිහිපයක් ඔස්සේ සාකච්ඡා වී තිබේ.

විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම, ධීවර වරායන් සංවර්ධනය, බහුදින ධීවර ක්‍ෂේත්‍රවල මත්ස්‍ය අපනයන සම්බන්ධ ප්‍රශ්නවලට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී තිබේ.

ලොව විශාල ඉල්ලුමක් ඇති ජලජ පැළෑටි ආනයනය කර නිෂ්පාදනාගාර තුළ වගා කර නැවත අපනයනයට පවතින බාධක ලිහිල් කිරීමට ඉඩකඩ සොයා බලන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button