ගොසිප් පුවත්

පන්ජාබ් පිළට සුභ පතා ප්‍රීති සින්ටා දුන් පණිවිඩය

Message from Preethi Zinta congratulating the Punjab team

මෙවර අයි පී එල් තරගාවලියට එක්වන කින්ග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට සුභ පැතුම් පළ කරමින් කණ්ඩායමේ හිමිකාරිනිය වන ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී ප්‍රීති සින්ටා විශේෂ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබෙනවා.

ඉන්දියාව තුළ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් බොහෝ දෙනා මේ වන විට නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්වන අතර ප්‍රීති සින්ටාද පසුවන්නේ ස්වයං නිරෝධායනයේයි.

හැකි ඉක්මනින් ස්වයං නිරෝධායන කටයුතු නිමා කර අයි පී එල් තරගාවලිය නැරඹිමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණෙන බවද ඇය නිකුත් කළ සුභ පැතුම් පණිවිඩියේ සදහන්.

කින්ග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායමේ ක්‍රීඩකයන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන අයි පී එල් තරගාවලිය පිළිබද සටහන් ගැන තමා දැඩි උනන්දුවක් දක්වන බවත් / පුහුණු සැසි සදහා කෙතරම් අසීරුද යන්න තමා ඉන් දැක ගන්නා බවත් ප්‍රීති සින්ටා අවධාරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button