දේශීය පුවත්

නෞකාවේ ගින්න සම්පුර්ණයෙන්ම මැඩපැවැත්වූ බව නාවික හමුදාව කියයි

New Diamond නෞකාවේ ගින්න මේ වනවිට සම්පූර්ණයෙන් නිවා දමා ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න ප්‍රකාශ කලා.

මේ වනවිට සුළු දුමාරයක් පමණක් පවතින බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.

කුවේට්හි මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරාදීප් වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ New Diamond නෞකාවේ පසුගිය 03වැනිදා පෙරවරුවේ මෙම ගින්න හටගෙන තිබුණි..

ගින්න ඇතිවන අවස්ථාවේ එය යාත්‍රා කරමින් තිබුණේ, සංගමන් කන්දේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරිනි.

ගිනි ගැනීමට ලක්වූ New Diamond නෞකාව මේ වනවිට ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් දුරින් වූ ගැඹුරු මුහුදේ රඳවා තිබෙන බව නාවික හමුදාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button