දේශීය පුවත්
නොරොච්චෝලේ යළි පණ ගන්වන්න සතියක කාලයක් ගත වන ලකුණු

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සිට සම්ප්‍රේෂණය කෙරෙන විදුලිය කැලණිතිස්ස බලාගාරය දක්වා රැගෙන එන කෙරවලපිටිය ග්රිඞ් උප පොලේ නඩත්තු කටයුත්තක් අතරතුරදී මෙම විදුලි බිදවැටීම සිදුවූ බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේය.
ඔහු කියාසිටියේ මෙම බිදවැටීමත් සමගම නොරොච්චෝලේ ඇතුලු දිවයින පුරා ඇති සියලුම ජනන යන්ත්රද අක්‍රීය වූ බවය.
දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කෙරුණද ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියෙන් ගිලිහී අක්‍රීයවූ නොරොච්චෝලේ බලාගාරය යළි පණ ගැන්වීම සඳහා අවම වශයෙන් තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇති ඔහු සඳහන් කළේය.
අක්‍රීයවූ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ටර්බයින සිසිල් වනතෙක් එය යළි පණ ගැන්විය නොහැකි බවය විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියහ.