දේශීය පුවත්

නිව් ඩයමන්ඩ් නිසා ලංකාවට වූ පාඩුව ලෙස කෝටි 34 ක මූලික වන්දියක් ඉල්ලයි

එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ මූලික අලාභය ලෙස රුපියල් මිලියන 340 ක මුදලක් තක්සේරු කර තිබෙනවා.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අද දිනයේදී එය නෞකාව හිමි සමාගමේ නීතීඥයන් වෙත භාරදුන් බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය කියාසිටියේ.

මෙම තක්සේරුව මූලික වන්දි මුදලක් පමණක් බවද සමස්ත වන්දිය ඉදිරියේදී ගණන් බැලීමට නියමිත බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කලා.

මේ අතර එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් වන ග්‍රීක ජාතිකයාට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දී තිබෙනවා.

එමෙන්ම ඔහුට එරෙහිව නොතීසි ලබාගැනීමට පියවර ගන්නා ලෙසටද නීතිපතිවරයා විසින් දන්වා ඇති බවයි ඔහුගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය කියාසිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button