දේශීය පුවත්

නිල් මැණික් බුදුපිළිමය – අලෙවි කිරීමට තැත් කළ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි අටසීයක් වටිනා නිල් මැණික් බුදුපිළිමයක් අලෙවි කිරීමට තැත් කරමින් සිටි අවස්ථාවේ දී පොලීසිය සිදුකළ මෙහෙයුම අතරතුර පළාගිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වී තිබේ.

මොනරාගල කුඹුක්කන ප්‍රදේශයේ දී එම පිළිමය අලෙවි කිරීමට සුදානම්වෙමින් සිටි අතරතුර පොලීසිය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර එහිදී චීවරධාරීයෙක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

එම මෙහෙයුම අතර තුර පළාගිය එම ජාවාරමේ ප්‍රධාන සැකකරුගේ සහායකයා බව කියන එම පුද්ගලයා දීර්ඝ විමර්ශනයකින් අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බුත්තල පීල්ලවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක් වන පුද්ගලයකු වන අතර සැකකරු වැඩිදුර විමර්ශන සදහා මොනරාගල පොලිසිය වෙත භාරදී ඇත.

AV Rase

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button