ගොසිප් පුවත්
නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් අනියම් පෙම් සුව විඳින්න ගිය පොලිස් නිලධාරියාට අත්වූ ඉරණම

වේයන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයකු පිහි පහරකට ලක්ව බරපතළ තුවාල ලැබීම හේතුවෙන් වතුපිටිවල රෝහලට ඇතුළත් කළ බව වේයන්ගොඩ පොලිසිය පැවැසීය.
පොලිස් මූලස්ථානයේ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පොලිස් පරික්ෂකවරයා කොවිඩි 19 හේතුවෙන් වේයන්ගොඩ පොලිසියට අනුයුක්ත කර සිටියදී එම පොලිස් වසමේ පදිංචි 42 හැවිරිදි දෙදරු මවක් සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවත් එම අනියම් ඇසුර සම්බන්ධයෙන් කාන්තාවගේ නීත්‍යනුකූල සැමියා දැනුවත්වීමෙන් අනතුරුව පොලිස් පරික්ෂකවරයා අනියම් බිරියගේ නිවසේ කාලය ගත කර ආපසු යෑමට යතුරුපැදිය පණගන්වන මොහොතේ නීත්‍යනුකූල සැමියා පොලිස් පරීක්ෂකවරයාව තියුණු මන්නා පිහියකින් කපා කොටා බරපතළ තුවාල සිදුකර ඇතැයි පොලිසිය වැඩිදුරටත් පැවසීය.
බරපතළ තුවාල ලැබීම හේතුවෙන් රෝහල් ගතව සිටින පොලිස් පරික්ෂකවරයා වේයන්ගොඩ බලබෝව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සහ පොලිස් දෙපාර්තමේන්තුව අවමානයට ලක්කිරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් පොලිස් පරික්ෂකවරයාට විරුද්ධව ක්‍රියාකිරීම සඳහා ගම්පහ කොට්ඨාසයට අයත් ජේයෂ්ඨ පොලිස් නිලධාරීන් ගේ උපදෙස් මත පොලිස් මූලස්ථානය දැනුවත් කළ බව වේයන්ගොඩ පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
පොලිස් පරික්ෂකවරයාව තියුණු මන්නා පිහියකින් කපා කොටා බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනා ලැබ සිටින සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද පොලිසිය පැවැසීය.
ගම්පහ කොට්ඨාසය භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා, අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් දයානන්ද, වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්න වෑත්‍තෑව යන නිලධාරීන් ඇතුළත් කණ්ඩායමක් විසින් සැකකරුව අත්අඩංගුවට ගැනීමටත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කීරීමටත් පත්කර ඇති බව පොලිස් මූලස්ථානයේ ජේයෂ්ඨ පොලිස් නිලධාරිවරයෙක් වැඩිදුරටත් පැවසීය.
මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරල

මව්බිම